Follow These Tips for Skin...


පැහැපත් සමක් සදහා මෙම උපදෙස් පිළිපදින්න...



හිරු කිරනින් සම ආරක්ෂා කරගන්න
ඔබේ සම රැකගැන්මේදි වඩාත්ම වැදගත් එක් ආකාරයක් වන්නේ සූර්යයාගේ හිරු කිරනින් එය ආරක්ෂා කිරීමයි. හිරු කිරනට එය නිරාවරණය වීම සම රැලි වැටීම, ලප ඇති වීම හා අනෙකුත් සමේ ප්‍රශ්න ඇතිවිය හැකි අතර සමේ පිළිකා අවදානම වැඩි වේ.

වඩාත්ම සම්පූර්ණ හිරු ආරක්ෂාව සඳහා ආවරනයක් භාවිතා කරන්න. ඔබ පිහිනුම් හෝ ක්‍රීඩා කටයුතු කරනවා නම් අවම වශයෙන් සෑම පැය දෙකකට වරක් SPF (sun protection factor) පුළුල් ආලේපයක් භාවිතා කරන්න. හිරු කිරණ ශක්තිමත්ම වේලාවන් වන උදේ 10 සිට පස්වරු 2 අතර කාලයේදි හිරු කිරනින් සම ආරක්ෂා කර ගැනිමට ආරක්ෂාකාරී ඇඳුම් පළඳින්න. තදින් වියන ලද අත් දිග ෂර්ට්, දිග කලිසම් සහ තොප්පි භාවිතා කර, විශේෂයෙන් පාරජම්බුල කිරණ අවහිර කිරීමට හැකි ඇඳුම් පැළඳුම් හෝ විශේෂ හිරු ආරක්ෂාකාරී ඇඳුම් භාවිතා කරන්න.


ඔබේ සම මෘදුව තබා ගැනිමට
ඔබේ සම මෘදුව තබා ගැනිමට ස්නානය කරන කාල සීමාව අඩු කරන්න. උණු වතුර භාවිතය සහ දිගු වේලාවක් නෑම ඔබේ සමේ ඇති තෙල් ඉවත් කරයි. සමහර සබන් වර්ග වලින් සහ සබන් වර්ගවල ඇති ඩිටර්ජන්ට් නිසා ඔබේ සමේ ඇති තෙල් අහිමි කළ හැක. ඒ වෙනුවට, මෘදු ක්ලෙන්සර් තෝරාගන්න. ඔබේ සම වියළි නම්, ඔබේ වියළි සමට ගැලපෙන මොයිස්චරයිසර් භාවිතා කරන්න.
රැවුල කැපිමෙදි ඔබේ සම ආරක්ෂා කිරීමට shaving cream, lotion හෝ ජෙල් වර්ග සහ පිරිසිදු, මුවහත් razor භාවිතා කරන්න. රැවුල කැපිමෙදි රැවුල වර්ධනය වන දිශාවට කැපිමට වගබලා ගන්න.


මානසික ආතතිය කළමනාකරණය කර ගන්න
පාලනයෙන් තොර ආතතිය ඔබේ සම වඩා සංවේදී කිරීමෙන් කුරුලෑ සහ අනෙකුත් සමේ ගැටළු අවුලුවන බව සොයාගෙන ඇත. සෞඛ්ය සම්පන්න ලෙස සම දිරිගැන්වීම සහ සතුටට දේවල් කිරීමට කාලය ගැනිමෙන් ඔබේ මානසික ආතතිය කළමනාකරණය කිරීමට පියවර ගන්න. එමගින් අත්වන ප්‍රතිඵල ඔබ බලාපොරොත්තු වනවාට වඩා දෙයක් විය හැකිය

දුම් පානය කරන්න එපා
දුම් පානය ඔබේ සම රැලි වැටීමට දායක වේ. දුම් පානය මගින් සම බාහිරතම කවචයේ ස්ථර තුළ ඇති ඉතා කුඩා රුධිර වාහිනී සිහින් කිරිම නිසා රුධිර ගැලීම අඩු කර සමට අවශ්‍ය ඔක්සිජන් හා පෝෂක කොටස් අඩුකරනු ලබයි. ඔබ දුම් පානය කරනවා නම් ඔබේ සම ආරක්ෂා කිරීම සඳහා ඇති හොඳම මාර්ගය දුම්පානයෙන් ඉවත් වීමයි. ඔබ දුම්පානය නතර කර ගැනීමට ඉඟි හෝ ප්‍රතිකාර සඳහා ඔබේ වෛද්යවරයාගෙන් විමසන්න.


සෞඛ්ය සම්පන්න ආහාර වේලක් ලබා ගන්න
හැකි තරම් පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග හා සියුම් ප්‍රෝටීන් අඩoගු ආහාර අනුභව කරන්න. සමහර පර්යේෂණ මගින් සොයා ගෙන ඇත්තේ සෞඛ්යයට අහිතකර මේද සහ විටමින් C පොහොසත් ආහාර අඩු වු විට හා පිරිපහදු කාබෝහයිඩ්රේට අඩු වූ ආහාර ගැනිමෙන් සමේ ප්‍රවර්ධනය බාල විය හැකි බවයි.


You're Getting Enough Sleep?


ඔබට ප්‍රමාණවත් තරම් නින්දක් ලැබෙනවාද ?


ඔබට අවශ්‍ය නින්ද ප්‍රමාණය විවිධ සාධක මත රඳා පවතී. විවිධ වයස් කාණ්ඩ සඳහා මෙම පොදු උපදෙස් මාලාවක් ගැන සලකා බලන්න

නින්දක වයස් කාණ්ඩ නිර්දේශිත ප්‍රරමාණය

ළදරුවන් රාත්‍රීයට පැය 9 - 10 හෝ ඊට වැඩි
සිඟිත්තන් රාත්‍රීයට පැය 9 - 10
පාසල් යන වයසේ දරුවන් පැය 9 - 11
වැඩිහිටියන් පැය 7 - 8


වයස ප්‍රමාණයට අමතරව වෙනත් සාධක ඔබට අවශ්‍ය ආකාරයේ නින්දක් සදහා බලපෑ හැකිය. උදාහරණයක් වශයෙන් මුල් ගර්භණී කාලයේ දී කාන්තාවක් සිරුර තුල සිදුවන වෙනස්කම් නින්ද අවශ්‍යතාව වැඩි කළ හැක. වයස්ගත වැඩිහිටියන්ටද තරුණ වැඩිහිටියන් මෙන් එකම ප්‍රමාණ නින්දක් අවශ්‍යයි. කෙසේ වෙතත්, ඔබ වයසට යාමත් සමග ඔබගේ නින්දේ රටාවන් වෙනස් විය හැකිය. වයස්ගත වැඩිහිටියන්ගේ නින්ද තරුණ වැඩිහිටියන්ගේ නින්ද ට වඩා සැහැල්ලුවෙන් හා කෙටි කාලයක් සදහා නැඹුරු වේ.


ඔබේ නින්ද ගුණාත්මකභාවය, ප්‍රමාණය මෙන්ම වැදගත් වේ. සමහර අය රාත්‍රී නින්ද පැය කිහිපයක් පමණක් ප්‍රමාණවත් යැයි ප්‍රකාශ කර සිටියත් පර්යේෂණ මගින් සොයා ගෙන තිබෙන්නෙ ප්‍රමාණවත් තරම් හොඳ නින්දක් ලබා ගැනීම තරබාරු බව, දියවැඩියාව, හෘද රෝග හා මනෝභාවය රෝග අවදානම අඩු කළ හැකි බවයි. එක් රාත්‍රියක පැය 5 ට අඩු නින්ද අකල් මරණය අවදානම ඉහළ නංවන බව සොයාගෙන ඇත.


World’s first and largest ocean cleanup to begin in 2016

සාගරය පිරිසිදු කීරිමේ දැවැන්ත පද්ධතිය 2016 දී 











2014 අධ්‍යයනයකට අනුව, පෘථිවි සාගරවල ඇති ප්ලාස්ටික් බෑග් හා ජලජ සතුන් සඳහා මාරක වන සාගර පරිසරයට අහිතකර විය හැකි කෘතිම සුන්බුන් ටොන් 269.000 බරින් යුක්ත කැබලි ට්රිලියන 5.25 ඇති අතර මෙම දූෂණය එක් වර්ෂයකට මුහුදු කැස්බෑවන් 100,000  හා සමුදුර ක්ෂීරපායීන් 1,000,000 හානි කිරීමට හැකි බව ඇස්තමේන්තු කර ඇත.


එහෙත් වාසනාවකට මෙන්, මෙම ගැටළුව සදහා සැලැස්මක් ඉදිරිපත් කිරිමට ලාභ නොලබන ආයතනයක් වන “ocean cleanup array”  නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී 21 හැවිරිදි නව නිපැයුම්කරු වන Boyan Slat පවසන්නෙ ලෝකයේ සාගරවල පිරිසිදු කිරීමට ඔහුගේ මේ ව්යාපෘතියට හැකි බවයි.


මුලින්ම මෙම ව්යාපෘතියට සාගරයේ දැවැන්ත ප්ලාස්ටික් දූෂණය ප්‍රශ්නයකින් පෙළෙන ජපානය හා දකුණු කොරියාව අතර පිහිටි Tsushima දිවයිනේ මුහුදු තීරයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මීටර් 2000 දිගු පද්ධතිය ඉතිහාසයේ දීර්ඝතම පාවෙන ව්යුහය බවට පත් වන අතර අවම වශයෙන් වසර දෙකක් සඳහා කටයුතු කරනු ඇත.








එය සාගර දියවැල් ද සහාය ඇතිව ප්ලාස්ටික් සුන්බුන් එකතු කරන 
පාවෙන බාධක සහිත නැංගුරම්ගත ජාලයකි. මේ අනුව, සාගර මූලික වශයෙන් ම පිරිසිදු වෙයි. සුන්බුන් මෙම බාධකයේ දී එක් රැස් විමෙන් පසුව, ඉවත් කිරිම හෝ සකස්  කළ හැක. Ocean Cleanup Array ප්‍රධාන ඉලක්කය සාගර ප්ලාස්ටික් දූෂණය වැළැක්වීම සඳහා තාක්ෂණික ක්‍රම වර්ධනය කිරීමය. වසර පහක් ඇතුළත සමාගම හවායි සහ කැලිෆෝනියාවේ අතර මුහුදු  කිලෝමීටර් 100 දිගු පද්ධතිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. Ocean Cleanup Array සමාගමේ පරිගණක ආකෘති අනුව, වසර දහයක් තුල පැසිෆික් කලාපයේ ඇති ප්ලාස්ටික් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් රැස්කිරීමට ඉඩ ඇත.