ඔබට ප්‍රමාණවත් තරම් නින්දක් ලැබෙනවාද ?
ඔබට අවශ්‍ය නින්ද ප්‍රමාණය
විවිධ සාධක මත රඳා පවතී. විවිධ වයස් කාණ්ඩ සඳහා මෙම පොදු උපදෙස්
මාලාවක් ගැන සලකා බලන්න
නින්දක වයස් කාණ්ඩ
නිර්දේශිත ප්රරමාණය
ළදරුවන් රාත්‍රීයට පැය 9 - 10 හෝ ඊට වැඩි
සිඟිත්තන් රාත්‍රීයට පැය 9 - 10
පාසල් යන වයසේ දරුවන් පැය 9 - 11
වැඩිහිටියන් පැය 7 - 8
වයස ප්‍රමාණයට අමතරව වෙනත් සාධක ඔබට අවශ්‍ය ආකාරයේ නින්දක් සදහා
බලපෑ හැකිය. උදාහරණයක් වශයෙන් මුල් ගර්භණී කාලයේ දී කාන්තාවක් සිරුර තුල
සිදුවන වෙනස්කම් නින්ද අවශ්‍යතාව වැඩි කළ හැක. වයස්ගත වැඩිහිටියන්ටද තරුණ වැඩිහිටියන් මෙන්
එකම ප්‍රමාණ නින්දක් අවශ්‍යයි. කෙසේ වෙතත්, ඔබ වයසට යාමත් සමග ඔබගේ නින්දේ
රටාවන් වෙනස් විය
හැකිය. වයස්ගත වැඩිහිටියන්ගේ නින්ද තරුණ වැඩිහිටියන්ගේ නින්ද ට වඩා සැහැල්ලුවෙන් හා කෙටි කාලයක් සදහා නැඹුරු වේ.
ඔබේ නින්ද ගුණාත්මකභාවය, ප්‍රමාණය මෙන්ම වැදගත් වේ. සමහර අය රාත්‍රී නින්ද පැය
කිහිපයක් පමණක් ප්‍රමාණවත් යැයි ප්‍රකාශ කර සිටියත් පර්යේෂණ මගින් සොයා ගෙන තිබෙන්නෙ ප්‍රමාණවත්
තරම් හොඳ නින්දක් ලබා ගැනීම තරබාරු බව, දියවැඩියාව, හෘද රෝග හා මනෝභාවය රෝග අවදානම අඩු කළ
හැකි බවයි. එක් රාත්‍රියක පැය 5 ට අඩු නින්ද අකල් මරණය අවදානම ඉහළ
නංවන බව සොයාගෙන ඇත.






