Follow These Tips for Skin...


පැහැපත් සමක් සදහා මෙම උපදෙස් පිළිපදින්න...



හිරු කිරනින් සම ආරක්ෂා කරගන්න
ඔබේ සම රැකගැන්මේදි වඩාත්ම වැදගත් එක් ආකාරයක් වන්නේ සූර්යයාගේ හිරු කිරනින් එය ආරක්ෂා කිරීමයි. හිරු කිරනට එය නිරාවරණය වීම සම රැලි වැටීම, ලප ඇති වීම හා අනෙකුත් සමේ ප්‍රශ්න ඇතිවිය හැකි අතර සමේ පිළිකා අවදානම වැඩි වේ.

වඩාත්ම සම්පූර්ණ හිරු ආරක්ෂාව සඳහා ආවරනයක් භාවිතා කරන්න. ඔබ පිහිනුම් හෝ ක්‍රීඩා කටයුතු කරනවා නම් අවම වශයෙන් සෑම පැය දෙකකට වරක් SPF (sun protection factor) පුළුල් ආලේපයක් භාවිතා කරන්න. හිරු කිරණ ශක්තිමත්ම වේලාවන් වන උදේ 10 සිට පස්වරු 2 අතර කාලයේදි හිරු කිරනින් සම ආරක්ෂා කර ගැනිමට ආරක්ෂාකාරී ඇඳුම් පළඳින්න. තදින් වියන ලද අත් දිග ෂර්ට්, දිග කලිසම් සහ තොප්පි භාවිතා කර, විශේෂයෙන් පාරජම්බුල කිරණ අවහිර කිරීමට හැකි ඇඳුම් පැළඳුම් හෝ විශේෂ හිරු ආරක්ෂාකාරී ඇඳුම් භාවිතා කරන්න.


ඔබේ සම මෘදුව තබා ගැනිමට
ඔබේ සම මෘදුව තබා ගැනිමට ස්නානය කරන කාල සීමාව අඩු කරන්න. උණු වතුර භාවිතය සහ දිගු වේලාවක් නෑම ඔබේ සමේ ඇති තෙල් ඉවත් කරයි. සමහර සබන් වර්ග වලින් සහ සබන් වර්ගවල ඇති ඩිටර්ජන්ට් නිසා ඔබේ සමේ ඇති තෙල් අහිමි කළ හැක. ඒ වෙනුවට, මෘදු ක්ලෙන්සර් තෝරාගන්න. ඔබේ සම වියළි නම්, ඔබේ වියළි සමට ගැලපෙන මොයිස්චරයිසර් භාවිතා කරන්න.
රැවුල කැපිමෙදි ඔබේ සම ආරක්ෂා කිරීමට shaving cream, lotion හෝ ජෙල් වර්ග සහ පිරිසිදු, මුවහත් razor භාවිතා කරන්න. රැවුල කැපිමෙදි රැවුල වර්ධනය වන දිශාවට කැපිමට වගබලා ගන්න.


මානසික ආතතිය කළමනාකරණය කර ගන්න
පාලනයෙන් තොර ආතතිය ඔබේ සම වඩා සංවේදී කිරීමෙන් කුරුලෑ සහ අනෙකුත් සමේ ගැටළු අවුලුවන බව සොයාගෙන ඇත. සෞඛ්ය සම්පන්න ලෙස සම දිරිගැන්වීම සහ සතුටට දේවල් කිරීමට කාලය ගැනිමෙන් ඔබේ මානසික ආතතිය කළමනාකරණය කිරීමට පියවර ගන්න. එමගින් අත්වන ප්‍රතිඵල ඔබ බලාපොරොත්තු වනවාට වඩා දෙයක් විය හැකිය

දුම් පානය කරන්න එපා
දුම් පානය ඔබේ සම රැලි වැටීමට දායක වේ. දුම් පානය මගින් සම බාහිරතම කවචයේ ස්ථර තුළ ඇති ඉතා කුඩා රුධිර වාහිනී සිහින් කිරිම නිසා රුධිර ගැලීම අඩු කර සමට අවශ්‍ය ඔක්සිජන් හා පෝෂක කොටස් අඩුකරනු ලබයි. ඔබ දුම් පානය කරනවා නම් ඔබේ සම ආරක්ෂා කිරීම සඳහා ඇති හොඳම මාර්ගය දුම්පානයෙන් ඉවත් වීමයි. ඔබ දුම්පානය නතර කර ගැනීමට ඉඟි හෝ ප්‍රතිකාර සඳහා ඔබේ වෛද්යවරයාගෙන් විමසන්න.


සෞඛ්ය සම්පන්න ආහාර වේලක් ලබා ගන්න
හැකි තරම් පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග හා සියුම් ප්‍රෝටීන් අඩoගු ආහාර අනුභව කරන්න. සමහර පර්යේෂණ මගින් සොයා ගෙන ඇත්තේ සෞඛ්යයට අහිතකර මේද සහ විටමින් C පොහොසත් ආහාර අඩු වු විට හා පිරිපහදු කාබෝහයිඩ්රේට අඩු වූ ආහාර ගැනිමෙන් සමේ ප්‍රවර්ධනය බාල විය හැකි බවයි.