නින්දට යන සියලු දෙනා කියවිය යුතු ලිපියක්
ඔබ දවසේ එක් තැනක වැඩිපුර යම් කාලයක් ගත කරන්නේ නම් ඔබ නිදන ඇඳ විය හැකිය. එම නිසා එහි පිරිසිදුකම පවත්වා ගැනිමට ඔබ දැනුවත් විය යුතු අතර නොමැති නම් එය ඔබේ සෞඛ්‍යට තර්ජනයක් විය හැකිය.
ඔබ අන්වීක්ෂයකින් ඔබේ ඇද ඇතිරිලි පරික්ෂා කලේ නම් ඔබ පුදුම වනවා ඇත. සෑම ඇඳකම පියවි ඇසට නොපෙනෙන ශරිර සමේ ඇති මැරුණු සෛල හා පෝෂණය වන දූවිලි මයිටාවන් අන්වීක්ෂීයෙන් දැකිය හැකිවනු ඇත. ඔබ ජීවත් වන සහ ඔබ නිදා ගන්නා එම ඇඳ ඇතිරිලි ඔබට පාලනයක් යටතේ තබා ගැනීමට ඇති එකම ක්‍රමය නිරන්තරයෙන් ඔබේ ඇඳ ඇතිරිලි සෝදා ගැනීමයි. එසේ නොමැති නම්, ඔබේ ශරිරයේ ආසාත්මිකතාවයක්, හෝ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ වර්ධනය පහත හේලිමට හැකියාව ඇත. ඔබගේ ඇඳ ඇතිරිලිවල සැඟවී ඇති එකම දේ දූවිලි මයිටාවන් පමණක් නොවේ.
සමේ ඇති මැරුණු සෛල - ඔබේ ශරීරය දිනකට සමේ සෛල මිලියන ගානක් ඉවතලනවා, එම සමහර සෛල ඔබ නිදන විට ඉවත් වීමට හැකියාව ඇත. අවාසනාවකට මෙන්, මිය ගිය සමේ සෛල දූවිලි මයිටාවන්ගේ සඳහා රසවත් කෑමක් වෙයි.
තෙල් - ඔබ නිදා ගන්නා විට ඔබේ ශරීරය සෑදෙන ස්වභාවික තෙල් ඔබගේ ඇඳ ඇතිරිලි මත වැදිමට හැකියාව ඇත.
දහඩිය - ඔබ නිදා ගන්නා රාත්‍රි කාලය උණුසුම් නම්, ඔබේ සිරුර පිට කරන දහඩිය ඇඳ ඇතිරිලි මත වැදිමට හේතු වෙයි.
දේහ තරල - කෙළ, ලේ, මුත්‍රා හා දේහ තරල ඔබගේ සියලු ඇඳ ඇතිරිලි මත වැදිමට හැකියාව ඇත.
ආහාර - ඔබ නිදන ඇද මතට මධ්‍යම රාත්‍රියේ කෑමක් ගෙන අනුබව කලේ නම්, ආහාර අංශු සමහරවිට තීබිමට හැකියාව ඇත.
ඔබේ ඇද ඇතිරිලි අවම වශයෙන් සෑම සතියකට වරක් සෝදා ගත යුතු අතර අවම වශයෙන් වසරකට දෙවතාවක් හෝ ඔබේ කොට්ටය සෝදා ගැනිමද වැදගත්වේ. කොට්ට උර මත වැඩීම යීස්ට් හා බැක්ටීරියා තිබිය හැකි බැවින් පාචනය, ඇදුම හෝ බ්රොන්කයිටිස් නැමති රෝගය ඇති විය හැකිය. හැකි නම් අවුරුදු 2 කට වරක් පරණ කොට්ටය ඉවත දමා අලුත් එකක් ගැනිම ගැන සලකා බලන්න.








